මම ඩෑන් හෝප්. මගේ ඔළුගෙඩිය ඇතුළේ පතුළේම තැනක මං තියාගෙන ඉන්නවා මට හැබෑ කරගන්න ඕන හීන ලැයිස්තුවක්.
උදාහරණයක් විදිහට කිව්වොත්, මට ඕනේ මගේ සහෝදරී, නින්ජා ග්‍රේස්, උත්තර ධ්‍රැවයේ තියන විශ්ව විද්‍යාලෙකට යනවා දකින්න. එයාට ආපහු ගෙදර එන්න පුළුවන් අවුරුද්දකට සැරයයි.
ෂර්ලොක් හෝල්ම්ස්ට එයාගෙ අමාරුම අභිරහස විසඳගන්න උදව් වෙන්නත් ඕනෙ මට. ඒක සොම්බී අභිරහසක්නම් තවත් හොඳයි.
මගේ බලු හාමි ග්‍රහලෝක ගිල ගිල බුමුතුරුණ උඩ වමනෙ කරන එක නවත්තගන්නත් මට ඕනේ.
අන්තිමට, මගේ ලොකුම හීනය තමයි, මගේ තාත්තාගේ ආදරය ලබන එක.