දෙගොඩ තළා බස්නා ගංගා සැඩ පහර හරහා එක්තරා ආගන්තුකයෙක් එම ගම්මානයට සම්ප්‍රාප්ත විය. පළමුකොට ම ඔහු දර්ශනය වුයේ ආරණ්‍යයේ හාමුදුරුවන්ට ය.
කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය. අධ්‍යාත්මය පත්ලෙහි සංයමයෙන් වූ සියලු රාග මෝහ මානයෝ කැඹී නැඟී සිටියහ. යුගාන්තයක පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගම්මිලාන මධ්‍යයෙහි පිළිසිඳ ගත්තේය.