"කොයින්ද උඹට ආප්ප ගත්ත සල්ලි.....?"
අම්මා මගෙන් ඇසුවේ අක්කා අත වූ ආප්පයක් කඩා කටේ දමා ගනිමින්ය. '' මං මාළු අල්ලල වික්කා...”
"ඔක්කොම වික්කද?.…… නොදකින් අපටක් දෙන්නෙක් ගේන්න එපායැ. යකෝ මේකට තව පොල්කිරි ටිකක් දැම්මනම්. කිරි පීතරගෙ ගෑනිගෙන් ගන්නවා වගේනෙ හරියට ... පොල්කිරි පෙන්නලා විතරයි..”
අම්මා රස පරීක්ෂා කොට ගුණ දොස් කීවාය.
"ලොක්කි...... මං යනවා. එද්දි හවස් වෙයි. ලොකු හාමිනේලගෙ දිහා හෙට වතා දානෙ. මං වී කොටලා දෙන්න යනවා. මේකෙම රිංගගෙන ඉදලා හරියන්නෑ. යන ලෝකෙටත් මොනාහරි කරගන්න ඕන..."