බංඩියා කවදාවත් කමිසයක් ඇන්ද කෙනෙක් නෙවේ.
කමිසයක් ඇන්දත් අසාමාන්‍ය විදියට ඉස්සරහාට නෙරලා තිබුණ බඩ නිසා බොත්තො දාන්නත් බෑ.
ඒ නිසා කමිසෙ නිකන් ඇඳගෙන හිටියෙ. ගමේ ගොඩ දෙනෙක් කීවේ බංද්ධියගෙ බඩේ පණුවෝ කියලා.
ගමේ හැමෝම බංඩියා උදේට මුලිච්චි වෙනවටත් කැමති නෑ.
බංඩියා ඉපදුණ දවසෙම තමා බුද්ධියගේ තාත්තා මැරිල තිබුණෙ සර්පයෙක් ගහලා.
ගමේ හැමෝම කීවේ බංඩියගෙ පව්කාරකමට තමා
තාත්තා මැරුණෙ කියලා.
ගමේ කිසිම ගෙදරකට බංඩියා වැද්දගත්තෙත් නෑ.