ජීවිතයේ තවදුරටත් උස්සගෙන
යා යුත්තේ කොයි අතටද
තේරුම් ගන්න බැරි තැන,
උස්සගෙන යනවා වෙනුවට
ජීවිතේ බිම දිගේ
ඇදගෙන යන්න ඔහු පුරුදු වුණා.
ඉබාගාතේ දහ අතේ
ඇවිදිනකොට බිම දිගේ
ඔහු පස්සෙන් ලුහුබඳිමින්
ඇදි ඇදි ආව ජීවිතේ
ඒ මේ අත වැදිලා හැප්පිලා
ගල්මුල් ඇනිලා
තරුණයා තුවාල වුණා.
මිනිස් හිසට වඩා විශාල
වෛවර්ණිත කිරුළු කරමලක්
හිස දරා සිටි මානවයා
දිගට ම ගමන් කරන්නට
තීරණය කළා.
නැවතීමක් හෝ ආපසු හැරීමක්
ඔහුට තහනම් කර තිබුණා.