මුදලට ඇඟ විකිණූ ගණිකාවකගේ එකම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකයන්ට සහ පරාජයන්ට මුහුණ දෙන්නේ ද යන්න ගැනවත්, ඇය විඳි මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැනවත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතුණා වූ වාර ගණන ගැනවත්, කිසිවෙකු හෝ සොයා නොබැලීය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවීය. ඇය හැඬූ තරම දන්නේ ඒ කඳුළු හෙළුෑ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරාගත් මහ පොළොවත් පමණි.