(පිච්චමල 8 - සුදුනෙළුම 2)
"අනේ නායක හාමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවො විහාර මළුව පල්ලමේ පඩි පෙළෙන් වැටුණා ! මම උස්සාගෙන ඇවිත්....
"මෙනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ?''
"උන්නාන්සේ ම යි මට කතා කළේ. මම පරෙස්සමෙන් එක්කං ගියා. බුදු පිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කෙළේ. බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියාසිටියා! ඇඳිරියත් සමඟ යි පල්ලම බැසීම ඇරඹුවේ. විහාර මළුවේ දී බොහෝ දෙනා සමඟ කතාබහේ යෙදුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳී සිටීමට සිදුවුණා.''
" ඕවා නොවෙයි, මොකද දැන් නායක හාමුදුරුවන්ට, තුවාල ද?" "පේන්න තුවාලයක් නම් නැහැ. කතාකරන්නත් බැහැ." ඒත් අංශයක් පණ නැහැ වගෙ.