සෝපාවෙන් නැගිට ගත් ඒ අඩ නිරුවත් සුරූපිණිය සේප්පුව ළඟට පැමිණ මා අසලින් සිට ගත්තාය. ඇය තවරා සිටින විලවුන් සුවඳ මා සමීපයෙන් දැනෙන්නට වූවා පමණක් නොව ඇයගේ මුදු මොළොක් අත්දක පහසද මගේ උරහිසෙහි තැවරිණ.
මා කමිසයක් හැඳ නොසිටියා නම් ඇයගේ අළෙහි පහස දැනෙනුයේ මාගේ නිරුවත් උඩුකයට බව සිතෙත්ම හැඳ සිටින කමිසය ගැන මසිතෙහි ඇති වූයේ බලවත් කේන්තියකි
“ඇලඩින්ගේ රහස් ගුහාව" ඇය ඉතාමත්ම පහත් ස්වරයෙන් තොල් මතුළාය.