මම එක එක වෙලාවට මාවම කිස් කරනවා. මම සමහර වෙලාවට නාලා ඇවිල්ලා වතුර තියෙන ගමන් වුණත් මං මාවම කිස් කරනවා. ඒක වෙනම එකක්. මගේ තොල්වල සංවේදන, මගේ සමේ සංවේදන එක්ක එකට එකතුවෙන වෙලාවක්. ස්වයං වින්දනයක් වගේ. මම කියන්නෙ ජීවිතේ කවමදාවත් තමන් තමන්වම කිස් නොකරපු එක මනුස්සයෙක් හරි මේ ලෝකෙ ඉන්න පුළුවන්. සමහර විට ඒ කෙනා මේක කියවන ඔයා වෙන්නත් පුළුවන්.