ඩී.එව්. ලෝරන්ස් විසින් රචිත Lady Chatterley’s Lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සලකා මහ බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යයේ ප්‍රමිතිය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයී ය.
විසි වැනි සියවසේ ලෝක සාහිත්‍යයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිය කාර්මික ධනවාදය සහ පංති ක්‍රමය විසින් දුෂණය කර යකඩ සහ ගල් අඟුරුවලට යට කරන ලද මිනිසා සහ සොබා දහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විසින් බුද්ධිමය මනස හා අසභ්‍ය සිරුර ලෙස වෙන් කරන ලද මානව ලිංගිකත්වයේ සහ ආදරයේ ඛේදවාචකයත් ගැන කෙරෙන අපූරු විමසුමකි.