තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩිය - රාමේෂ්වරම් හරහා ඉන්දියාවේ බොහෝ නගර තුළට සේන්දු වන නීල් විජේරත්න භාරත චරිත අප හදවත් තුළට එන්නත් කරනුයේ ‘ආදම්ගේ පාලම’ මැයෙන් සිළුමිණෙහි පළවූ තීරු ලිපි සමුච්චයෙනි. එකී ලිපි ‘මදුරාසි කොලුවා’ සහ ‘බෙංගාලි යෙහෙළිය’ නමින් කෘති ලෙස මුද්‍රණද්වාරයෙන් එළිදැක්වුණි.