...............මම ආදරෙයි නුවරට ගොඩක්.
අපේ ජීවිත වෙනස් වෙන්නේ අපි හිතන්නේ නැති විදියට.
මහනුවර....
හිතින් ආදරය කළත් නුවර මට මේ තරම් සමීප වෙයි කියලා මගේ හීනයක් තිබුණේ නෑ. මම ඒ ගැන හිතුවෙත් නැහැ. ඒත් දළදා මාළිගාව. වැව රවුම. සිටි සෙන්ටර් එක වගේම සෙමෙට්‍රි එකත් මට දැන් ගොඩාක් පුරුදු තැනක්.
හවසට මාළිගාව දිහාවෙන් ඇහෙන තේවාවේ සද්දෙත් එක්ක නුවර වැව පැත්තේ ඉඳන් එන සීතල හුළඟ මගේ කම්මුල්වල වැදිලා ඈතට ගියා. කවදාවත් නුවර දාලා යන්න බැරි විදියේ ලෝබකමක් මගේ හිතේ ඉතුරු කරලා.
"ක්‍රිෂ්"
"ම්..."
"රිවිනි මේක දෙන්න කිව්වා ඔයාට ..."
"මොකක්ද මේ..?"
" මන්දා... මට කිව්වේ මේක දෙන්න කියලා විතරයි.."
ලියුම් කවරේ පරිස්සමින් ගලවලා ක්‍රිෂ් පුංචි රෝස පාට කොලයක් ගත්තා ඒක ඇතුළෙන්. මට දැනුණා පුරුදු සුවඳක්. ඒ සුවඳට යන්න දෙන්න බැරි කමට වගේ මම ලොකු හුස්මක් ගත්තා.
ක්‍රිෂ් රිවිගේ ලියුම කියවන කල් මම බලාගෙන හිටියා ඉමක් කොනක් නැති අහස දිහා.
රිවිගේ ලස්සන රවුම් අකුරු වලින් ලියැවුණු රෝස පාට කඩ දාසිය මගේ ඇස් ඉස්සරහින් අල්ලන ගමන් ක්‍රිෂ් මගේ දිහා බලාගෙන හිටියා. මම ඒක අතට අරන් කියෙව්වා.