වේලාව දැන් හරියටම මධ්‍යම රාත්‍රී දොළහයි. මුලු කාමරයම දැඩි නිහඬ බවක් ගෙන ඇත. ඉඳිකටුවක් බිමට වැටෙන ශබ්දය පවා ඇසෙන තරම්ය.
බිත්තියෙහි වූ බල්බයෙන් නිකුත්වන කලාමැදිරි එළියකට මදක් වැඩි වූ එළියෙන් කාමරය තුළ වන අන්ධකාරය නිවා දමා ඇත. මධුසමයේ පළමු රාත්‍රියට සූදානම්ව තිබූ සයනය හිස්ය. මනාල යුවළ ඇඳ දෙපස බිම වැතිර රැය පහන් කරමින් සිටිති. මේ අතර සමස්ථ කාමරය පුරා, සිහින් විලවුන් හා ෂැම්පු සුවඳක් මුසු සුගන්ධයක් විහිදී යයි. එය නිදි වර්ජිත ලකිඳුගේ නැහැයට දැනෙන්නේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන්ය. තව දුරටත් එම සුවඳට ලොල් වඩමින් ඔහු ඒ ඔස්සේ අනාගත සිහින සිතුවම් මවමින් සිටින්නේය.