නෙලුම්බණ්ඩාර ද පුටුවක දිගා වුණේය.
මහ කුමාරිහාමි දෙවෙනි වරටත් පඬුරක් බැන්දාය.
නෙලුම්බණ්ඩාර ආවේ නෙලුම්ගම ගොසින්ය. ගල් වළේ මුතු බණ්ඩා හමු වෙන්නට ය. එහි නිමල් නාබවත් මොනවා හෝ ආරංචියක් ලැබුණෙත් ටැලිග්‍රෑමයකින් දන්වන බවත් මුතු බණ්ඩා කීයේය.
එදා රෑ මායා බංගලාවේ කිසිවෙකු කෑම කෑවේ නැත. සියලු දෙනම අහුවුණු අහුවුණු තැන නිදා ගත්හ. නෙලුම්බණ්ඩාර සිගරට් උරමින් කන්තෝරු කාමරයේ ම සිටියේ ය. කුමාරිහාමි දවල් ඇඳ සිටි ඇඳුමින්ම සාලේ සෝපාවේ හාන්සි වී වරින් වර නොයෙකුත් ස්වරයෙන් හැඬුවාය. මහ කුමාරිහාමි ද කෝපි බොමින් ඔබ මොබ සක්මන් කළා ය. දොළහ වැදුණේය. මහ කුමාරිහාමි කන්තෝරු කාමරය වෙත ගියාය. නෙලුම්බණ්ඩාර තවමත් සිගරට් බොමින් කල්පනාවෙන් සිටියේය.
" පෙස්සන් විඛාගේ මොකද, පුතා? '''' ඕ ඇසුවාය. " එක කරදරයක් ඉවර උණැයි කෝ.'' කියමින් නෙලුම්බණ්ඩාර තරහින් නැගිට නාන කාමරය දෙසට ගියේය.
" වෙන කොට ඉතින් එක පිට එක වෙනවා. අර මුසල කොල්ල හින්ද තමයි සේරම. ඕකාට මම '' කියමින් දත් සපමින් ඕ ආපසු ගියාය.
එක වදිනවාත් සමඟම කවුදෝ දොරට ගැසුවේය. '' කවුද ? '' අසමින් නෙලුම්බණ්ඩාර නැගිට්ටේය. " පොලිසියෙන් " යනු පිළිතුර විය. " මොකද උණේ? " අසමින් කුමාරිහාමි මහ හඬින් හැඬුවාය.