ඒ වැහි දා රෑ එකට විතර නාලිනී මගේ මිනිකුපරය ඒ ලයිට් කණුව යටට පදවාගෙන ගොස් නැවැත්තුවාය. මම ජනේලයෙන් බලාගෙන සිටියෙමි. මගෙන්ම රිය පැදවීම් උගත් ඇය ගිය ඒ ඉරණම් ගමන මට කරන සරදම් ගමනක් සේ මට නොදැනිණ. සැබැවින්ම මා හෙළුවේ සැනසුම් සුසුමකි. කාර් එකේ ලයිට් වල ආලෝකයෙන් තෙතබරිත විජිත හොඳින් පෙනිණ. කාරයෙන් බැස ඔහු වෙත ගිය නාලිනී මොනවාදෝ කියනු මම දිටිමි.
ඉන් පසු දෙදෙනා මොහොතක් වැළඳගෙන සිටියහ. නාලිනී හිස ඔසවා අඹගහ අස්සෙන් ජනේලය ඇති ඉසව්ව දෙස බැලුවාය. ඉන් පසු දෙදෙනාම කාර්ථකට නැගුණහ.
දින දෙකකට පසු උපනන්ද මගේ පුංචි කාරය බලගල්ල වත්තට රැගෙන ආවේය. එය තනිකඩයකුට වඩාත් උචිතරථයක් බව මම සිතුවෙමි.
අවුරුදු තුනකට ආසන්න මගේ විවාහ ජීවිතය අවසන් වූයේ එසේය.