සිය පියාගේ ජීවිතය සේම මරණයද ඔහු ලුහුබැඳගෙන කුලියාපිටියට ආවේ මොරටුවේ සිටමය යන සැකය ලොකු නැන්දා තුළත් තිබෙන බව වන්දන දැන සිටියේය. එය ලොකු නැන්දාගෙන් චන්දනටද ටික ටික බෝ විය. අම්මා සහ තාත්තා කැපුම් තුවාල සහිතව නිදි යහනේ මිය ගොස් සිටින ආකාරය දකින්නට අවදි වූ චන්දන තුළ ඉන් පසු කිසි දිනෙක නිදා නොගත් තවත් කෙනෙක් අවදියෙන් සිටියේය.