↤↤ සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි ↦↦
සත්‍ය ගවේෂක: මායාකරුගේ පළමු රීතිය (පොත 01 කොටස 01)
අයිඩ්‍රින්ඩ්‍රිල්හි පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් අනාවැකිවලට අනුව, අඳුරු කාලපරිච්ඡේදයක් උදා වූ විට, ලෝකය ඉන් මුදාගනු වස් එක් ශ්‍රේෂ්ඨ වීරයෙකු පහළවෙයි. සුරත දරාගත් සත්‍යයේ අසිපතද සමඟින් හේ ලෝකයට විමුක්තිය රැගෙන එනු පිණිස ජීවිත පූජාවෙන් යුතුව සටන් වදී.
අඳුරු කාලය පැමිණිණි. ඩ'හරානු දේශයේ කුරීරු පාලක ඩා'කන් රාල්, ලෝකය පාලනය කිරීමේ අභිලාෂයෙන් ඕඩ්න් මංජුසා ත්‍රිත්වය සොයා යමින් සිටින විට, සත්‍ය ගවේෂකයා නම් කරවාගනු වස්, සීමා-බාධකය තරණය කොට බටහිර දේශයට පිවිසීම හැර අන් විකල්පයක් මව් විමංසිකාවන්ට නොතිබිණි. පළමුපෙළ මායාකාරයා නම්කරන සැබෑ සත්‍ය ගවේෂකයා කවුරුන් විය හැකිද? සැබැවින්ම ඔහු කුරීරු ඩා’කන් රොල් පරදා, අන්ධකාරයෙන් වැසීගිය ලෝකයට ආලෝකය රැගෙන ඒමට තරම් ශක්තිසම්පන්න අයෙකු වනු ඇතිද? දෛවයත් ඉරණමත්, ධෛර්යය හා ප්‍රඥාව විසින් තීරණය කරන කල
සියලු මායාවන්, සත්‍යයේ අණසකට නතු වන්නේය. ශෙඩිකස් ශූ'ල් ශොරැන්ඩර්, රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල් ආදී සියල්ලන් ඔවුන්ගේ වීරත්වයෙන්ද, ත්‍රාසයෙන්ද, උද්යෝගයෙන් හා කුතුහලයෙන්ද පිරි දීර්ඝ වික්‍රමාන්විත සංචාරය තුළ යථෝක්ත සත්‍යභාවය ඔබට පහදාදෙනු නිසැකය.
සත්‍ය ගවේෂක: මායාකරුගේ පළමු රීතිය (පොත 01 කොටස 02)
තෙවැනි ඕඩින් පෙට්ටිය සොයාගැනීමේ අභිලාෂයෙන් බටහිර දේශයේ සිට මධ්‍යම දේශයට සංක්‍රමණය වන සත්‍ය ගවේෂකටත්, මව් විමංසිකාවටත්, මහා මායාකරුටත් මුහුණපෑමට සිදුවූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.
රිචර්ඩ්, සියලු ගැටලු විසඳාගත යුතුය. ඔහු එයට අසමත් වන්නේ නම්, උරුමය බවට පත්වන්නේ මරණයම පමණි. එය හුදෙක් ගවේෂකගේ මරණය පමණක් නොව, ජීවී ලෝකයේද අවසානය වන බවට සැක නැත. ඉදින් සත්‍යයේ අසිපත සුරත දරාගත් තැනැත්තා, සැකිලි ගැහැනිය ඇඩීගේ ප්‍රහේලිකාවලට විසඳුම් සොයාගැනීමට සමත් වේද?
සෙවණැලි ජීවින් මරණයද රැගෙන පසුපසින් පැමිණෙන විට, රාල්ගේ බළගණයන් හා යළි යළිත් ගැටෙමින්, ඕඩ්න් පෙට්ටිය තිබෙන්නේ කොතැනදැයි සොයාගැනීමට ඔහුට හැකි වනු ඇතිද? ශෝටාගේ මායාකාර් බලවේග අබියස කේලන් විමංසිකාව මුහුණදුන් ඛේදනීය ඉරණම කරණකොටගෙන .. රිචර්ඩ් සයිපර් ඉදිරියට යා යුත්තේ හුදෙකලාවමද?
රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ'ල් ගොරැන්ඩර්, හිතවත් මිතුරා චේස්ද සමඟින් ලෝකය බේරාගැනීමේ අභිලාෂයෙන් වීරත්වයෙන්ද, ත්‍රාසයෙන්ද, කුතුහලයෙන්ද, උද්වේගයෙන්ද පරිපූර්ණ වූ ඉතා දීර්ඝ සංචාරයකට අවතීර්ණ වූහ.
සත්‍ය ගවේෂක: මායාකරුගේ පළමු රීතිය (පොත 01 කොටස 03)
තෙවැනි ඕඩ්න් පෙට්ටිය තවමත් සොයාගත යුතුව ඇත. ඩා'කන් රාල් ජයග්‍රහණයේ හිණිපෙත්තටම පැමිණ සිටී. ෂෝටාගේ අනාවැකියට අනුව, කේලන්ද, මහා මායාකාර ශෙඩිකස් ශූ'ල් ශොරැන්ඩර්ද ගවේෂකයාට එරෙහිව නැඟීසිටිනු ඇත.
ඉපැරැණි මායාවකට නතු වී ඉනික්බිති හිංසකාවකගේ ග්‍රහණයට හසුවන රිචර්ඩ් සයිපර්ට, තවදුරටත් මෙහෙවර ඉදිරියට කරගෙන යාමට නොහැකි වන්නේ නම්, ලෝකය ඕඩ්න් ආධිපත්‍යයෙන් ගලවාගන්නේ කවරෙක්ද?
මායාකරුගේ පළමු රීතිය සියල්ල තීරණය කරනු ඇත. රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ'ල් ශොරැන්ඩර් තිදෙනා ත්‍රාසයෙන් ද, කුතුහලයෙන්ද, උද්දාමයෙන්ද පිරුණු උද්වේගකර දීර්ඝ චාරිකාවක යෙදුණහ.